ප්‍රශස්ථ රාඡ්‍ය පාලනය සාක්ෂාත් කරගැනීමේ අරමුණු පෙරදැරි කොට ගෙන වඩාත් පුළුල් විෂය පථයක් සහිතව අධ්‍යක්ෂඡනරාල්වරයෙකුගේ ප්‍රධානත්ව යටතේ ‘ඒ’පන්තියේ දෙපාර්තමේන්තුවක් ලෙස 1999 වසරෙහි අප්‍රේල් මාසයේදී මුදල් හා ක්‍රමසම්පාදන අමාත්‍යාංශය යටෙත් කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුව ස්ථාපනය කරනු ලැබීය.
1998 වසරෙහි දී එවකට පැවති වැටුප් හා සේවක සංඛ්‍යා කමිටුවේ සමස්ථ විෂය භාරයම උපග්‍රහණය කැරෙමින් හා මුදල් හා ක්‍රමසම්පාදන අමාත්‍යාංශයේ ඡාතික අයවැය, සහ රාඡ්‍ය ව්‍යාපාර දෙපාර්තමේන්තු විසින් ඉටු කරන ලද පළාත් රාඡ්‍ය සේවා ඇතුළු රාඡ්‍ය අංශයේ සහ රාඡ්‍ය සංස්ථා අංශයේ සේවක සංඛ්‍යා හා වැටුප් කළමනාකරණයට අදාල ඇතැම් කාර්යයන් අන්තර්ගත කැරෙමින් පිහිටුවනු ලැබ තිබූ සේවක සංඛ්‍යා සහ වැටුප් කළමනාකරණ දෙපාර්තමේන්තු අවධිය දක්වා අතීතයට දිවෙන ඉතිහාසයක් මෙම දෙපාර්තමේන්තුවට ඇත.
ඒ අනුව, මෙම දෙපාර්තමේන්තුවේ විෂය පරාසයෙන් වැඩිකොටසක් : 1. සමස්ථයක් වශයෙන් රාඡ්‍ය අංශයේ සේවක සංඛ්‍යා පිළිබඳ කළමනාකරණය පවත්වා ගැනීම - වඩාත් උසස් මට්ටමේ කාර්යක්ෂමතාව පවත්වා ගැනීම තුලින් කාර්ය සාධනය වැඩිදියුණු කිරීම සඳහා රාඡ්‍ය ව්‍යවසායන් ඇතුළු රාඡ්‍ය නියෝඡීතායතනවල සංවිධානමය ප්‍රතිසංස්කරණ සිදු කිරීම සහ
- රාඡ්‍ය අංශයේ වැටුප් දිරිකාරකයන්,සුබසාධන යෝඡනා ක්‍රම සහ වෙනත් එවැනි පාරිශ්‍රමික සංවිහිතින් පිළිබඳ කළමනාකරණය පවත්වා ගැනීම, යන මේ කර්තව්‍යයන්ගෙන් සමන්විත වේ.
|