 |
|
| |
කළමනාකරණ සේවා සැපයීම තුලින් මහඡන අවශ්‍යතා මුදුන්පත් කර ගැනීමට අවශ්‍ය රාඡ්‍ය අංශයේ ඵලදායිතාව වැඩි දියුණු කිරීමත්, රාජ්‍ය සේවාව උසස් තත්වයකට පත් කිරීමත් අපගේ මෙහෙවරයි. |
|
| |
|
|
 |
|
| |
- පරිපාලනමය ප්‍රතිසංස්කරණ සදහා වන ප්‍රතිපත්තීන් සමිපාදනයෙහිලා ඡාතික සභා/අග්‍රස්ථ ආයතන සමග සමසහයෝගීතාවෙන් කටයුතු කිරීම සහ එම ප්‍රතිපත්ති රියාත්මක කරනු ලබන බව සහතික කර ගැනීම
- රාඡ්‍ය අංශයේ සේවක අවශ්‍යතාවන් පිළිබද උපමානයන් සහ ප්‍රතිපත්තීන් ගොඩනගා ගැනීම සහ එම සේවක සංඛ්‍යා කෙරෙහි කළමනාකරණ පවත්වා ගැනීම
- මෙහෙවර, පරමාර්ථ ක්‍රියාකාරකමි, ක්‍රමපද්ධතීන් සහ පටිපාටි පරීක්ෂා කිරීම සදහා ආයතනික සමාලෝචන පැවැත්වීම, ද්වීකරණාත්මක (Duplicating) හෝ ලත්වයක් නොමැති කාර්්‍යයන් හදුනාගැනීම සහ කාර්්‍යක්ෂමතාවය සහ සඵලතාව නගාසිටවීමෙි අරමුණින් අවශ්‍ය තන්හි වෙනස්කමි සිදු කිරීම
- කාර්්‍ය මණ්ඩල සමාචෙන සිදුකිරීම. බහු ඡකාරී සේවා ස්ථාපනය කිරීමෙි හැකියාව සොයා බැලීම සහ යාන්ත්‍රීකරණය, පරිගනීකරණය, සේවාවන් කොන්ත්‍රාත්තුදීම සහ සේවාවන් ආදේශ කිරීම සදහා ක්ෂේත්‍රයන් හදුනාගැනීම තුලින් ඵලදායිතාව සහ පිරිවැය සඵලතාව නගාලීම
- තෘප්තිමත් රාඡ්‍ය සේවාවක් බිහි වන බව සහ අවශ්‍ය විශේෂඥ නිපුනතාවන් ඇදගැනීම සහතික වනු පිණිස සේවා නියුක්තිය පාරීශ්‍රමික සහ වෙනත් පුතිලාභ පිළිබදව ප්‍රතිපත්ති සහ රෙගුලාසි සමිපාදනය කිරීම
කළමනාකරණ සේවා දෙපාර්ථමෙින්තුවෙි කර්තව්‍යයන් - පරිපාලන පුතිසංස්කරණ පිළිබද ඡාතික සභාවට අග්‍රස්ථ ආයතනයන්ට වො සැලසීම
- රාඡ්‍ය අංශයෙහි ප්‍රතිසංස්කරණ හදුන්වාදීම, ක්‍රියාත්මක කිරීම සහ ඒ පිළිබද අන්වීක්ෂණය පවත්වා ගැනීම
- මෙහෙවර, පරමාර්ථ, ක්‍රම පද්ධති, පරිපාටි සහ කාර්යය මණ්ඩල සමිපාදනය පිළිබද ආයතනික සමාලෝචන පවත්වා අදාල බලධාරීන් වෙත නිර්දේශ ඉදිරිපත් කිරීම
- රාඡ්‍ය ආයතනික ප්‍රතිව්‍යුහගත කිරී හා නිසි ප්‍රමාණයට සැකසීමෙි අදහස පෙරදැරි කොට ගෙන රාඡ්‍ය අංශයට ආයතනවල ද්විත්වාකාරක (Duplicating) කාර්යයන් හදුනා ගැනීම.
- රාඡ්‍ය අංශයෙහි කාර්්‍යක්ෂමතාවය සහ සඵලතාව සහතික කිරීමෙි අදහස පෙරදැරි කොට ගෙන සංවිධානමය හා කාර්යය මණ්ඩල සමාලෝචන පැවැත්වීම, ක්‍රම පද්ධති වැඩි දියුණු කිරීම, ආයතනික ව්‍යුහයන් ගොඩනගා ගැනීම හා ශක්තිමත් කිරිම.
- සේවක සංඛ්‍යා අවශ්‍යතාවන් පිළිබද සමිමත මිනුමි සහ ප්‍රමිතීන් ගොඩ නගා ගැනීම
- රාඡ්‍ය අංශයෙහි සේවක සංඛ්‍යා කළමනාකරණය.
- අතිරික්ත සේවක සංඛ්‍යාවන් හදුනා ගැනීම හා ඔවුන් නැවත බෙදා යෙදවීම සහ සේවාකරණය කරවීම සදහා යෝඡනා ඉදිරිපත් කිරීම.
- භෞතික පරිසරය වැඩිදියුණු කිරීමෙි අවශ්‍යතාවන් සහ යාන්ත්‍රීකරණය/ පරිඝනීකරණය සහ සේවාවන් කොන්ත්‍රාත්තු දීම සදහා ක්ෂේත්‍රයන් හදුනා ගැනීම.
- සංවර්ධන අවශ්‍යතාවන්ට ගැලපෙන පරිද්දෙන් සේවා ව්‍යවස්ථා, සේවා කොන්දේසි සමාලෝචනය පිළිබද අධ්‍යයනයන්හි යෙදීම සහ යෝඡනා ඉදිරිපත් කිරීම.
- රාඡ්‍ය අංශය තුල විශ්‍රාමික නිලධාරින් යලි සේවයෙහි යෙද වීම උපදේශකයින් යොදවා ගැනීම පිළිබද යෝඡනා පරීක්ෂා කර බලා නිර්දේශ ඉදිරිපත් කිරීම.
- රාඡ්‍ය සේවයෙහි හා පළාත් රාඡ්‍ය සේවාවල සේවා පීරිස් තොරතුරැ පද්ධති පවත්වා ගැනීම සහ අතිවැදගත් තනතුරැ සදහා අනුප්‍රාප්තිය සැලසුමි කිරීම
- බදවා ගැනීමෙි ප්‍රතිපත්ති, දක්ෂතා සංවර්ධන පුහුණුව සහ අනුප්‍රාප්තිය සැලසුමි කිරීම පිළිබද අධ්‍යයනයන්හි නිරතවීම සහ ඒවා ක්‍රියාත්මක කිරීමෙහි ලා අදාල බලධාරීන්ට සහාය වීම.
- රාඡ්‍ය අංශයේහි වැටුප් සහ පුසාදක, දීමනා, දිරිකාරක යෝඡනා ක්‍රම, ශුභ සාධක යෝඡනා ක්‍රම සහ වෙනත් එවැනි පාරීශ්‍රමික සංවිහිතීන් පිළිබද කළමනාකරණය.
- පළාත් සභාවල සහ පළාත් පාලන ආයතනවල ආයතනික සමාලෝචන, සේවක සංඛ්‍යා. පිළිබද කරැණු යනාදිය කළමනාකරණය පිළිබදව උපදේශාත්මක සේවා සැලසීම.
- සංස්ථා අංශය ඇතුඵ රාඡ්‍ය අංශයෙහි වෘද්ධෝපගත ප්‍රතිලාභි යෝඡනා ක්‍රම පිළිබද අධ්‍යයනයන්හි නිරත වීම.
|
|
|
|
|
|
|
|
|
| |
|